Sunday, May 5, 2024

සිසුවිය ගැබ්ගෙන ඇතැයි අස්කළ පාසල ගැන විමර්ශනයක්

කැකිරාව අධ්‍යාපන කාලාපයේ පාසලක උදේට ආහාර නොගෙන පාසල් පැමිණි දැරියක් එසේ නිරාහාරව සටීම හේතුවෙන් වමනය ගියපු ඇය ගැබිණියක යැයි පවසා පාසලෙන් අස්කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කැකිරාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.එන්. කුමාරි මහත්මිය කියාසිටියි.

එම විර්ශන කණ්ඩායම මේ වනවිට අදාළ පාසලට ගොස් ඇති බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ දැනුම්දීම මත විශේෂ කමිටුවක් මගින් එම විමර්ශන සිදු කරන බවත් ඇය පවසයි.

නිරාහාරව පාසල් පැමිණි සිසුවිය පාසලේ වමනය කිරීම නිසා ඇය ගැබ් ගැනීමකට ලක්ව ඇතැයි සැකකර විදුහල්පතිනිය විසින් අදාළ ශිෂ්‍යාවගේ දෙමව්පියන් පාසලට ගෙන්වා තමන් ළමයාව බලෙන් අස්කරගෙන යන බවට ලිපියකට අත්සන් ගෙන ඇය පාසලෙන් අස් කර ඇත.

පසුව දෙමව්පියන් සිසුවිය දඹුල්ල රෝහල වෙත ඉදිරිපත් කර ඇති අතර රෝහලේ වෛද්‍යවරුන් විසින් සිදු කළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ එම සිසුවිය ගැබ්ගෙන නැති බවත් ඇය කිසිඳු අපයෝජගනයකට ලක්ව නොමැති බවත් ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles