Sunday, January 19, 2025

සපුගස්කන්දේ වර්ජනයක් – ඛනිජ තෙල් හිඟයක් අත ළග?

මේ වන විට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයින් ආරම්භ කර ඇති  වැඩ වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් කිසිදු අයුරකින් ඉන්ධන හිඟයක් ඇතිවීමට අවස්ථාව නොමැති බව  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා.

සේවකයින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ  සෙනසුරාදා සිට සියලුම බෙදාහැරීමේ කටයුතු නවතා දැමීමට පාලනාධිකාරිය ගත්  තීරණය නිසා මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිට ඉන්ධන බෙදාහැරීම සම්පූර්ණයෙන්ම  ඇනහිට තිබෙනවා.

මෙවන් තත්වයක් තුල වානිජ සේවා කර්මාන්ත හා ප්‍රගතිශීලී සේවක සංගමය සභාපති බන්දුල සමන් කුමාර මහතා පවසන්නේ ඉදිරියේදී තෙල් හිඟයක් රට තුළ ඇති වීමට අවස්ථාව ඇති බවයි.

රට තුළ කිසිඳු ඛනිජ තෙල් හිඟයක් ඇති නොවන බවත් කපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන්ගේ ප්‍රශ්නය හුදෙක්ම අතිකාල සේවය පිළිබඳව ප්‍රශ්නයක් බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ථ සමාගමේ නිලධාරියකු පැවසීය.

සාමාන්‍යයෙන් සිකුරාදා සහ සෙනසුරාදා දෙදින ප්‍රවාහනය කරන ඉදිරි සතියට අදාල තෙල් සැපයුම වන මෙටි්‍රක්ටොන් 6000 ක් පමණ ආයතනික තීරණයක් අනුව සිකුරාදා දිනයේ සැපයූ බවත් ඒ හේතුවෙන් අද (11) දිනයේ සේවය අවශ්‍ය නොවන බව දැනුම් දුන් බවත් එම නිලධාරියා කීය.

අද දිනයේ සේවය කිරීමේ අවස්ථාව නොලැබීමට සේවකයන් මෙසේ විරෝධය පළකරමින් විරෝධය දක්වා ඇති බවත් එය ඉන්ධන සැපයුමට මේ දක්වා කිසිඳු බලපෑමක් නොමැති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles