පානදුර වෙළෙඳ සංකීර්ණයේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්..

0
455

පානදුර වෙළෙඳ සංකීර්ණයේ සිව්මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ අද(26) පස්වරුවේ ගින්නක් හටගෙන ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

පානදුර ආතර් වී දියේස් මාවතේ සිව්මහල් ගොඩනැඟිල්ලේ පහත මාලයේ සහ දෙවන මාලයේ පූජාභාණ්ඩ වෙළෙඳ සැලක් පවත්වාගෙන යන අතර , පවුලක් පදිංචිව සිටින තුන්වන මහලේ ගින්න හටගෙන තිබුණි.

ගින්න හටගන්නා මොහොතේ කුඩා දරුවෙකු සමග දෙමාපියන් සිට ඇති බවත් ඔවුන් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ දිවිගලවා ගෙන ඇතැයි පොලිසිය පවසයි .

මොරටුව නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා යාබද ගොඩනැගිලි වලට ගින්න පැතිර යාමට ප්‍රථම මැඩ පැවැත්වීමට ගිනි භඨයින් සමත්ව ඇත . ගින්නට හේතුව ස්ථිර වශයෙන් අණාවරණය වී නොමැති බව මොරටුව ගිනිනිවන ඒකකය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here