ප්‍රබල භූමිකම්පාවක්..

0
396

අද අලුයම නේපාලයේ ඇති වූ රික්ටර් පරිමාණයේ 6.3 ක භූමිකම්පාවෙන් පසු නවදිල්ලි සහ ඒ ආශ්‍රිත නගරවල ප්‍රබල කම්පනයක් ඇතිවී තිබෙන බවට වාර්තා වනවා.

ඇතිවූ මෙම දරුණු කම්පනය තත්පර 10 කට ආසන්න කාලයක් පැවති අතර නවදිල්ලියට ආසන්න නොයිඩා සහ ගුරුග්‍රම් ප්‍රදේශවලින් ද වාර්තා වුණා.

ඒ හේතුවෙන් බොහෝ පිරිස් නිවෙස්වලින් පිටතට පැමිණ සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙය පැය පහක් ඇතුළත නේපාලයට බලපෑ දෙවන භූමිකම්පාව බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඊයේ රාත්‍රී නේපාලයෙන් වාර්තා වූ භූමිකම්පාව රික්ටර් මාපකයේ 4.9 ක් ලෙස සටහන් වුණා.

කෙසේවෙතත් මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු ඇගවීමක් හෝ බලපෑමක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here