Sunday, May 5, 2024

කටුනායක ‘මැනුවල්’ වැඩ!

කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් මගීන්ගේ විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් පරිගණක පද්ධතිය නොමැතිව පරීක්‍ෂා කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය මීට සුළු මොහොතකට පෙර පැවසුවාය.

එම පරිගණක පද්ධතිය හැකි ඉක්මණින් යථා තත්වයට පත්කිරීමට පරිගණක ඉංජිනේරුවන් කටයුතු කරමින් සිටින බව ද ඒ මහත්මිය වැඩි දුරටත් කීවාය.

එසේම කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඒ අනුව අද (09) උදෑසන සිට යළි විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ඊයේ (08) දහවල් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles