දිගුකාලීන කොරෝනා තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්..

0
451

COVID-19 රෝග ලක්ෂණ ප්‍රදර්ශනය කිරීමෙන් මාස තුනකට පසුව ඇතිවන දිගු කොවිඩ් තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර විසින් ට්විටර් පණිවිඩයක් හරහා නිවේදනය කරයි.

දිගු COVID හටගන්නේ SARS CoV-2 ආසාදනය විය හැකි හෝ තහවුරු වූ ඉතිහාසයක් ඇති පුද්ගලයන් තුළ සාමාන්‍ය COVID-19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් මාස තුනකට පසුව වන බවත් දිගු කොවිඩ් තත්ත්වය මාස දෙකක්වත් පවතින බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව මෙම දිගු කොවිඩ් තත්ත්වයේ රෝග ලක්ෂණ ලෙස තෙහෙට්ටුව, ව්‍යායාම නොඉවසීම, හුස්ම ගැනීමේ අපහසුතාව, මාංශ පේශි වේදනාව සහ දුර්වලතාවය, පපුවේ වේදනාව, හිසරදය සහ හෘද ස්පන්දන වේගය වේගවත් වීම දැක්විය හැක.

කොවිඩ් එන්නත් මගින් මෙම දිගු කොවිඩ් රෝගය තත්ත්වය වැළඳීමේ සම්භාවිතාව අවම කර ගැනීමට හැකි බව වෛද්‍යවරයා සඳහන් කරන අතර මෙරට COVID-19 එන්නත අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත්තේ මිලියන 17 ක ජනතාවක් පමණක් බවත් කොවිඩ් එන්නත ලබා නො ගත් මහජනතාවගෙන් Covid එන්නත් ලබා ගන්නා ලෙසත් වෛද්‍යවරයා ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here