ගෝලීය ත්‍රස්ත දර්ශකයේ ඇෆ්ගනිස්ථානය තවමත් පෙරමුණේ

0
295

ත්‍රස්ත ප්‍රහාර සහ ඒ හේතුවෙන් සිදුවන ඝාතන පිළිවෙලින් සියයට 75 කින් සහ සියයට 58 කින් පහත වැටී තිබියදීත්, ඇෆ්ගනිස්ථානය අඛණ්ඩව සිව්වන වසරටත් ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ(GTI) ත්‍රස්තවාදයෙන් වැඩිපුරම බලපෑමට ලක් වූ රට ලෙස පවතී.

කෙසේ වෙතත්, GTI වාර්තාව පවසන්නේ, රාජ්‍ය මර්දනය සහ රාජ්‍ය ක්‍රියාකාරීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා මෙම දර්ශකයට ඇතුළත් නොවන බවයි.

එබැවින් තලේබාන් සංවිධානය විසින් රට පාලනය කළ දා සිට ඔවුන් විසින් සිදු කරන ලද ක්‍රියා තවදුරටත් වාර්තාවේ විෂය පථයට ඇතුළත් නොවේ.

GTI වාර්තාවට අනුව, 2022 දී ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මරණ 633 ක් වාර්තා වී ඇත.

“ඇෆ්ගනිස්ථානයේ ඝාතන පහත වැටීමට බොහෝ දුරට හේතු විය හැක්කේ තලෙයිබාන් සංවිධානය රට පාලනය කිරීම නිසා ය. තලේබාන්වරු දැන් ඇෆ්ගනිස්ථානයේ බොහෝ ප්‍රදේශවල රාජ්‍ය ක්‍රියාකාරීන් බැවින්, ඔවුන්ගේ ප්‍රහාර GTI හි ත්‍රස්තවාදයේ නිර්වචනයේ විෂය පථයට පිටින් වැටේ” යැයි වාර්තාව පවසයි.

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමෙන් පසු ඉස්ලාමීය රාජ්‍ය-කොරාසන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ “වඩාත්ම ක්‍රියාකාරී ත්‍රස්තවාදී කණ්ඩායම” ලෙස මතු වී ඇති අතර, එය 2022 දී පුද්ගලයන් 422 දෙනෙකුගේ මරණවලට වගකිව යුතු බව GTI වාර්තා කරයි, එය සියයට 67 කට ආසන්න ප්‍රමාණයක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here