Thursday, April 18, 2024

චීනයේ මිලිටරි වියදම් වේගයෙන් ඉහළට

චීනයේ මිලිටරි වියදම් වසර හතරක් තුළ සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ. බීජිනය කියා සිටින්නේ විදේශයන්ගෙන් “උග්‍රවන” තර්ජන හේතුවෙන් මෙය අවශ්‍ය කර ඇති බවයි.

මෙම පියවර මගින් චීනය සංවර්ධනයට වඩා ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී ඇති බව පැහැදිලිව පෙන්නුම් කරයි.

2023 වසර සඳහා චීනයේ සැලසුම්ගත අයවැය මගින් ආරක්ෂක වියදම් ඇමරිකානු ඩොලර් බිලියන 225 ක් දක්වා සියයට 7.2 කින් ඉහළ නංවා තිබේ.‍

ලෝකයේ දෙවන විශාලතම ආරක්ෂක අයවැයේ ඉහළ යෑම මෙලෙස සිදු වන්නේ, චීනය මේ වසර සඳහා දශක ගණනාවකට පසු අඩුම අගයක් වන සියයට පහක පමණ ආර්ථික වර්ධන ඉලක්කයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වීම කැපීපෙනෙන තත්ත්වයකි.

ආරක්‍ෂාව සඳහා මෙම අධික වියදමට හේතුව චීනය දිගු කලක සිට තම ආරක්‍ෂක ශක්‍යතාව අනුව එක්සත් ජනපදය සමඟ ඇති පරතරය වසා ගැනීමට උත්සාහ කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles