පැත්තකට වී සිටින්නැයි පකිස්තානයට පණිවිඩයක්

0
700

ඇෆ්ගනිස්තානයේ ක‍ටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී පසෙකට වී සිටින්නැයි එරට හිටපු ජනාධිපති හමීඩ් කර්සායි පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වෙත අවධාරණය කර තිබේ.

හමීඩ් කර්සායි හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ සිට පකිස්තානය වෙත අයි.එස්.අයි.එස් ත්‍රස්ත තර්ජන එල්ල වී ඇති බවට අගමැති ඉම්රාන් ඛාන් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙනි.

පසුගියදා පැවති ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සමුළුවක් අමතමින් ඉම්රාන් ඛාන් අගමැතිවරයා පැවසුවේ ඇෆ්ගනිස්තානයේ සිට පකිස්තානය වෙත එල්ල වෙමින් ඇති ත්‍රස්ත තර්ජන වළක්වාලීම සදහා ඇෆ්ගනිස්තානයේ ස්ථාවරත්වය අත්‍යවශ්‍ය බවයි.

මීට ප්‍රතිචාර ලෙස ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි සදහන් කර ඇත්තේ මෙය ඇෆ්ගනිස්තානයට එරෙහි ප්‍රචාරක වැඩපිළිවෙළක කොටසක් බවයි.

පකිස්තානය , පකිස්තානයේ ආරක්ෂාව ඇතුළු ප්‍රශ්න විසදාගත යුතු බවත් ඇෆ්ගනිස්තානයට තමන්ගේ කටයුතු නිදහසේ පවත්වාගෙන යාමට ඉඩ ලබාදිය යුතු බවත් හෙතෙම මෙහිදී පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here