ඉන්දියාව සමග ගුවන් යානා එන්ජින් සංවර්ධනයට ප්‍රංශයත් එක්වෙයි

0
310
France's President Emmanuel Macron welcomes India's Prime Minister Narendra Modi before a meeting at the Elysee Palace in Paris, France May 4, 2022. REUTERS/Gonzalo Fuentes

එමානුවෙල් මැක්‍රොන් රජය, ඉන්දියාවේ AMCA ප්‍රහාරක යානා සඳහා බලගන්වන එන්ජිමක් ඒකාබද්ධව සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, පරීක්ෂා කිරීම, නිෂ්පාදනය කිරීම සහ සහතික කිරීම සඳහා Safran වෙත අවසර ලබා දී තිබේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පැරීසියේ දෙදින සංචාරයට පෙර, ඉන්දියාවේ සමීපතම හවුල්කරුවකුවන ප්‍රංශය එක්සත් ජනපදය සමඟ ඇති GE-414 එන්ජින් ගිවිසුමට වඩා පියවර ගණනාවක් ඉදිරියෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව මේ පිළිබඳ තතු දත් පාර්ශ්ව උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ DRDO ප්‍රධානී Dr Samir V Kamat පසුගියදා අවසන් වූ 2023 පැරිස් ගුවන් ප්‍රදර්ශනයට සමගාමීව Safran එන්ජින් කම්හල සහ R&D මධ්‍යස්ථානය වෙත විශේෂ සංචාරයක නිරත විය.
මෙම එන්ජින් යෝජනාව ආරක්ෂක අමාත්‍යවරයා සහ ප්‍රංශය සමග NSA ප්‍රමුඛ උපායමාර්ගික සංවාදය යටතේ සාකච්ඡාවට ලක්ව ඇත.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජූලි 13 වැනිදා පැරිසියට ළඟා වීමට නියමිතව ඇත්තේ පසුදා පැවැත්වෙන බැස්ටිල් දින සැමරුම් උත්සවයට සහභාගී වීමටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here