Saturday, July 27, 2024

සමූපාකාර ව්‍යාපාරයට ඉන්දියාවෙන් නව යෙදවුමක්

සංවර්ධිත ආර්ථිකයකට පැනීමේ ඉන්දියාවේ ඉලක්කයට සමුපකාර ව්‍යාපාරය අත්‍යවශ්‍ය බව අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ මෙම අංශයේ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සඳහා ගූගල් ක්ලවුඩ් බලයෙන් ක්‍රියාත්මක වන ඊ-වාණිජ්‍ය යෙදුමක් දියත් කරමිනි.
ජාතික අගනුවර පැවති 17 වැනි ඉන්දීය සමුපකාර කොංග්‍රසය සඳහා රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව අමතමින් අග්‍රාමාත්‍යවරයා සමුපකාරවලින් ඉල්ලා සිටියේ ඔවුන්ගේ වටිනාකම් දාමයන් හරහා ඩිජිටල් විප්ලවයක් මුදාහරින ලෙසයි.
“සබ්කා ප්‍යාස් (සාමූහික ප්‍රයත්න) හරහා ‘සබ්කා සාත්, සබ්කා විකාස් (සියලු පාර්ශ්ව ඇතුළත් වූ සංවර්ධනය)’ පිළිබඳ රටේ සිහිනය සමුපකාර විසින් මෙහෙයවයි,” “අම්රිත් කාල්: විචිත්‍රවත් ඉන්දියාවක් සඳහා සහයෝගීතාවය තුළින් සමෘද්ධිය” යන තේමාව යටතේ පැවති සමුළුවේදී අගමැතිවරයා පැවසීය.
ඉන්දියාවේ ජනප්‍රියම කිරි සන්නාමය වන අමුල් සමුපකාර ආකෘතියක් මත ක්‍රියාත්මක වේ.
ඉන්දියාවේ විශාලතම පොහොර නිෂ්පාදකයා වන IFFCO ද එසේමය. සමුපකාර බැංකු ග්‍රාමීය හා නාගරික ආර්ථිකයට සේවය කරන තවත් ප්‍රධාන අංශයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles