Saturday, July 27, 2024

ඉන්දියානු සංචාරක සම්මේලනය කොළඹ දී ඇරඹේ

වසර 18 ක විරාමයකින් පසු ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ (TAAI) සම්මේලනය කොළඹදී ආරම්භ වූයේ ඉන්දියානු සංචාරක සම්මේලනයේ සාමාජිකයන් 500 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙනි.

“දේශසීමා ඉක්මවා යාම ” තේමාව යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනය මත ඉන්දියාවේ සංචාරක නියෝජිත සම්මේලනය විසින් සංවිධානය කර තිබූ මෙම සමුළුව ජූලි 09 වෙනිදා දක්වා කොළඹ දී පැවැත්වේ.

TAAI හි 2022 සමුළුව අප්‍රේල් 19 සිට 22 දක්වා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, එය දේශපාලන නොසන්සුන්තාව සහ ආර්ථික අර්බුද හේතුවෙන් කල්දැමිණි.

අද ශ්‍රී ලංකාව නැවතත් සිය පුනර්ජීවන මාවතේ ගමන් කරමින් සිටින බැවින් කලාපීය සංචාරක ජාලයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම සම්මේලනය ශ්‍රී ලංකාවට ගෙන රැගෙන ආ බව TAAI ප්‍රකාශ කරයි.

සම්මේලනයේ පළමු දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙන බවයි.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ඒක පුද්ගල අදායම ඉහළ නංවා ගත හැකි බවද ජනාධිපතිවරයා පැවසීය

දේශසීමා ඉක්මවමින් බිම්ස්ටෙක් කලාපය දියුණු සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරිමට සියලු බිම්ස්ටෙක් රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ පැවසුවේ පසුගිය මාස කිහිපය තුළ සතියකට හතර වතාවක් ක්‍රියාත්මක වූ චෙන්නායි – යාපනය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පමණක් නොව, මෙම ගුවන් ගමන් ජූලි 16 වනදායින් ආරම්භ වන සතියේ සිට සෑම දිනකම ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවූ දෙරට අතර බෝට්ටු සේවාව නැවත ආරම්භ කිරීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles