Saturday, July 27, 2024

කුමන ස්වරූපයකින් පැමිණියත් ත්‍රස්තවාදයට එරෙහි විය යුතුයි – මෝදි ෂැංහයි සමුළුවේදී අවධාරණය කරයි.

කිසිදු රටකට ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් තිබිය නොහැකි බව ඉන්දීයඅග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ෂැංහයි සහයෝගිතා සංවිධානය හමුවේ අවධාරණය කළේය.
පකිස්තානයට සහ චීනයට එරෙහිව වාග් ප්‍රහාරයක් එල්ල කරමින් ඉන්දීය අගමැතිවරයා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියේ දේශසීමා ත්‍රස්තවාදය ‘ප්‍රතිපත්තිමය මෙවලමක්’ ලෙස භාවිත කරන සහ ත්‍රස්තවාදීන්ට රැකවරණය සපයන රටවල් හෙළා දැකීමට පසුබට නොවන ලෙසයි.
23 වැනි සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින්, පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද සහභාගී විය.
නිරීක්ෂක රාජ්‍යයන් ලෙස සහභාගී වන ලෙස ආරාධනා කර තිබුණේ ඉරානය, ටර්ක්මෙනිස්තානයට, බෙලරුසියාව සහ මොංගෝලියාවටයි.
ඉරානයට මෙවර සමුලුවේදී පූර්ණ සාමාජිකත්වය හිමි විය.
ත‍්‍රස්තවාදය කලාපීය මෙන්ම ගෝලීය සාමය සඳහා ප‍්‍රධානතම අනතුර බවට පත්ව ඇති අතර ඊට මුහුණ දීමට තීරණාත්මක ක්‍රියාමාර්ග අවශ්‍ය බව ඉන්දීය අගමැතිවරයාගේ අදහස විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles