Saturday, July 27, 2024

ඉන්දියාවට මඩ ගැසීමේ පාකිස්ථාන උත්සාහයක් හෙලිවෙයි

අසර්බයිජානයට එරෙහිව සටන් කිරීමට ආර්මේනියාව ඉන්දියාවෙන් සටන්කාමීන් ගෙන්වා ගන්නා බවට චෝදනා කරමින් අසර්බයිජානියානු අන්තර්ජාල පුවත්පතක් වන Musavat මෑතකදී පුවතක් වාර්තා කර තිබුණි.

එම අසත්‍ය වාර්තාව පාකිස්ථාන බුද්ධි අංශ විසින් නිර්මාණය කරනු ලැබූවක් විය හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අදාල වාර්තාවේ දැක්වුණේ දුප්පත් පළාත්වල සිටින ඉන්දියානුවන් මුදලට රවටා ආර්මේනියාවට යවන බවයි.

යෙරෙවන් විවිධ රටවලින් ආර්මේනියාවට ගෙන එන ලද මිනිසුන් සමඟ සන්නද්ධ කුලී හේවා කණ්ඩායම් නිර්මාණය කරන බවත් ඉන්දියාව සන්නද්ධ කුලී හේවා කණ්ඩායම් නිර්මාණය කිරීමට උදව් කරන එක් පාර්ශ්වයක් බවත් වාර්තාව කියා සිටී.

අසර්බයිජානයට එරෙහි ත්‍රස්තවාදී උපක්‍රමවලට ආර්මේනියාව සහාය දෙන බව පෙන්වීම සහ මිනිස්බල සැපයුම පිටුපස ඉන්දියාව සිටින බවට චෝදනා කිරීම මෙහි අරමුණයි.

මෙහි අරමුණ ලෙස පෙනෙන්නට තිබෙන්නේ FATF සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන ඔවුන් ත්‍රස්තවාදයේ ගෝලීය අනුග්‍රාහකයන් ලෙස හංවඩු ගසා සිටීමේ තත්ත්වයෙන් මිදීමට සහ ඉන්දියාව “ත්‍රස්තවාදී රාජ්‍යයක්” බව ඔප්පු කිරීමට පකිස්ථානය උත්සාහ කරන බවයි.

ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ වසර ගණනාවක් ත්‍රස්තවාදය පෝෂණය කළ පාකිස්තානය ඉන්දියාවට එම චෝදනා එල්ල කිරීමේදී පෙන්වා ඇති ආධුනික බව නිසාම එම චෝදනා අභූත ඒවා බව පැහැදිලි වන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles