Saturday, July 27, 2024

ඉන්දියාවෙන් කැනඩාවට දොස්

කැනඩාවේ සංසරණය වන ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින්ට තර්ජන ඇතුළත් පෝස්ටර් ඇතුළු ප්‍රචාරක ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉන්දියාව නවදිල්ලියේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා කැඳවා ජස්ටින් ටෘඩෝ රජයට සිය අප්‍රසාදය පළ කර ඇත.

ආරංචි මාර්ගවලට අනුව, ටොරොන්ටෝ හි පැවැත්වීමට නියමිත ඛලිස්තාන් හිතවාදී රැලියක් පිළිබඳ තොරතුරු සහිතව කැනඩාවේ බෙදා හරින ලද පෝස්ටර්වල සිය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට තර්ජන එල්ල වීම පිළිබඳව ඉන්දියාව සිය කනස්සල්ල මතු කළේය.

පසුගිය ජූනි මාසයේදී ඛලිස්තාන් කොටි බළකායේ ප්‍රධානියා මෙන්ම නම් කළ ත්‍රස්තවාදීයෙක් වන හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට කැනඩාවේ ඉන්දීය මහ කොමසාරිස් සංජේ කුමාර් වර්මා සහ ටොරොන්ටෝ හි ඉන්දීය කොන්සල් ජනරාල් අපූර්වා ශ්‍රීවාස්තාවා සම්බන්ධ බවට චෝදනා කරමින් සීක් අන්තවාදීන් විසින් ප්‍රචාරය කරන ලදැයි කියන පෝස්ටර්වල සඳහන්ව තිබේ. ක

ජූනි 18 වැනිදා කැනඩාවේ සරේ හි දී එල්ල වු වෙඩි ප්‍රහාරයකින් මිය ගිය ඛලිස්තානි ත්‍රස්තවාදියෙකු වන හර්දීප් සිං නිජ්ජාර් නමින් මෙම රැලිය පැවැත්වේ.

කැනේඩියානු විදේශ ඇමතිනී මෙලනි ජොලි පැවසුවේ, සැලසුම් කර ඇති විරෝධතාවයක් සම්බන්ධයෙන් කැනඩාවේ පළ වී ඇති “පිළිගත නොහැකි” පෝස්ටර් කිහිපයක් සැලකිල්ලට ගනිමින් තම රට ඉන්දීය නිලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් නවදිල්ලියේ වැඩසටහනකට සමගාමීව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මෙම රැඩිකල් අන්තවාදී මතවාදයන් පතුරුවන ඛලිස්තානිවරුන්ට ඉඩ නොදෙන ලෙස ඉන්දියාව කැනඩාව, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව වැනි හවුල්කාර රටවලින් ඉල්ලා ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles