ඉන්දීය ආරක්ෂක උපදේශක ඉරානයට

0
326

ජූලි මාසයේ දී පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවට විධිමත් ලෙස ප්‍රවේශ වීමට පෙර ඉරානයේ ආරාධනයක් මත ඉන්දීය ජාතික ආරක්ෂක උපෙදේශක අජිත් දොවාල් ටෙහෙරානය වෙත පැමිණියේය.
එක්දින සංචාරයේදී, දොවාල් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කලාපීය හා ජාත්‍යන්තර ගැටලු සාකච්ඡා කළේය.
බටහිර ආසියානු කලාපය ස්ථාවර කිරීම සහ ආර්ථිකයන් නංවාලීම සඳහා වන ටෙහෙරානය සහ රියාද් අතර සහයෝගීතාවයෙන් පසු ඉන්දියාවේ සිට ඉරානයට යන පළමු ඉහළ මට්ටමේ සංචාරය මෙය වනු ඇත.
දොවාල්ගේ සංචාරය සිදුවන්නේ ඉරාක ජනාධිපතිවරයා ටෙහෙරානයට ගොස් දිනකට පසුව වීමත් විශේෂත්වයකි.
දොවාල්ගේ සංචාරයේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන අයිතමයක් වනුයේ ෂැංහයි සහයෝගීතා සංවිධානය වෙත ඉරානය විධිමත් ලෙස ඇතුළත් කර ගැනීම බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
රුසියාව, මධ්‍යම ආසියාව සහ ඇෆ්ගනිස්ථානය වෙත ඉන්දියාවේ ප්‍රවේශය සඳහා ප්‍රධාන වන රට ලෙස උපායමාර්ගිකව වැදගත් ස්ථානයක ඉරානය පිහිටා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here