Tuesday, April 16, 2024

අයිෆල් කුළුණටත් වඩා උස දුම්රිය පාලමක්

ජම්මු සහ කාශ්මීර කලාපයේ චෙනාබ් ගඟට ඉහළින් මීටර් 359 උසින් ලොව උසම දුම්රිය පාලම ඉදිකිරීමේ ගෞරවය දිනා ගන්නට ඉන්දියාවේ ඉංජිනේරුවරුන් සමත් වී තිබෙනවා.
මෙලෙස ඉදිකරන ලද චෙනාබ් දුම්රිය පාලම අයිෆල් කුළුණට වඩා මීටර් 35 ක් පමණ උසින් යුතු බවයි පැවසෙන්නේ.
2023 දෙසැම්බර් මස අග හෝ 2024 ජනවාරි මාසය වන විට මෙම පාලම නරඹන්නන් සඳහා විවෘත කරන බව ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය පවසනවා.
මීටර 1,315ක් දිග පාලම සැලකෙන්නේ ඉන්දීය දුම්රිය ජාලය මගින් කාශ්මීර නිම්නය වෙත ප්‍රවේශ විය හැකි පුළුල් ව්‍යාපෘතියේ කොටසක් ලෙසයි.
කාශ්මීරය සෙසු ප්‍රදේශ සමඟ සම්බන්ධ කරන එකම ගොඩබිම් මාර්ගය වන වංගු සහිත කිලෝමීටර් 300 දිගින් යුතු ශ්‍රීනගර්-ජම්මු ජාතික අධිවේගී මාර්ගයේ නිතර රිය අනතුරු වාර්තා වන අතර ශීත ඍතුවේදී එහි කොටසක් වසා දැමීමටද සිදුවනවා.
එබැවින් මෙම දුම්රිය මාර්ගය සැලකෙන්නේ කාශ්මීරය ඉන්දියාවට ඒකාබද්ධ කිරීමේ මාධ්‍යයක් ලෙසයි.
මෑත ඉතිහාසයේ ඉන්දියාවේ ඕනෑම දුම්රිය ව්‍යාපෘතියක් මුහුණ දුන් විශාලතම සිවිල් ඉංජිනේරු අභියෝගය බවට පත්ව තිබුණේද මෙම දුම්රිය පාලම ඉදි කිරීමේ කාර්යයි.
මාර්ගය හරහා ගමන් කිරීමේදී පැය 12 ක් ගතවන කාලය දුම්රිය මාර්ගයේ මාර්ගයේ ඉදිකිරීමෙන් පසු අඩකින් අඩු වනු ඇති බවට විශ්වාසය පළ වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles