සාකච්ඡා.. සාකච්ඡා…හැමදාමත් සාකච්ඡා…!

0
640

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ හා ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් අන්තර් කාලීන ආණ්ඩුව පිළිබඳව සාකච්ඡාවක් අද (29) පැවැත්වීමට නියමිතය.

පෙරවරු 10.30 ට සාකච්ඡාව ආරම්භ වන්නේ ජනාධිපති මන්දිරයේදීය.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පක්ෂ 10 කණ්ඩායම සහ ආණ්ඩුවෙන් ස්වාධීන වු මන්ත්‍රීවරුන් සහභාගීවීමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසුව පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ඇති.

අන්තර් කාලීන ආණ්ඩුවේ ව්‍යුහය, කාලසීමාව, වගකීම් පවරන්නේ කාටද වැනි කරුණු මේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සූදානම් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here