බාධක බිද දමමින් අන්තරේ සිසුන් ගෝල්ෆේස් අරගල භූමියට… (VIDEO)

0
529

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ සිය විරෝධතා පාගමන ආරම්භ කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින්. පා ගමනින් කොළඹ ගාලුමුවදොර පිටිය අසල අරගල භූමිය වෙත පැමිණීමට ඔවුන් සැලසුම් කර තිබුණා. කෙසේවෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය හා කොළඹ ජනාධිපති මන්දිරය අවට මාර්ග කිහිපයක් යකඩ බට යොදා සම්පූර්ණයෙන් වසා දැමීමටයි පොලීසිය අද දහවල් කටයුතු කළේ. 

අනතුරුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ පෙර සැලසුම් කළ පරිදි කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් සිය විරෝධතාව ආරම්භ කළා. ඉන් අනතුරුව ඔවුන් ටෙක්නිකල් මංසන්ධිය, පංචිකාවත්ත හා මරදාන පසුකර පැමිණියේ බොරැල්ල මංසන්ධියටයි. ඒ ඔස්සේ බෞද්ධාලෝක මාවතට පිවිසි සිසුන් අනතුරුව විජේරාම මාවත ඔස්සේ අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටට රැස්වුණා. 

අග්‍රාමාත්‍ය නිල නිවසේ දොරටුව අවහිර කර යොදා තිබූ බාධක ඉවත් කර එම පරිශ්‍රයට පිවිසීමට සිසුන් උත්සහ කළ අතර පොලීසිය එය වැළැක්වීමත් සමග එහි ඇතිවූයේ නොසන්සුන් තත්ත්වයක්. 

අනතුරුව සිසුන් පිරිසක් අග්‍රාමාත්‍ය නිල නිවසේ ප්‍රධාන පිවිසුම අසල තාප්පයට නැගී සිය විරෝධතාව පළ කළා.ඉන් අනතුරුව විවිධ පාඨ කියමින් විරෝධතාකරුවන් රජයට සිය විරෝධය පළ කළා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here