ඉම්රාන්ගේ ආධාරකරුවෝ ජිනීවා හි උද්ඝෝෂණයක

0
295

පකිස්ථානයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමු කිරීමේ අරමුණින් පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් විශාල පිරිසක් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටට රැස්වූහ.

පකිස්ථානයේ සහ ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) ධජ අතැතිව විරෝධතාකරුවන් රැස් වූහ.

විරෝධතාකරුවන්ගෙන් 100ක් පමණ ප්‍රංශය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ ජර්මනිය වැනි අනෙකුත් යුරෝපීය රටවල සිට පැමිණි අය බවට ගණන් බලා ඇත.

විරෝධතාකරුවන් ඉම්රාන් ඔබ ඉදිරියට යන්න අපි ඔබ සමඟයි සහ අපට නිදහස අවශ්‍යයි වැනි සටන් පාඨ මතු කළහ.

මැයි 11 වැනි දින සියල්කොට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පාකිස්තාන මාධ්‍යවේදියෙකු සහ යූ ටියුබ්කරුවෙකු වන ඉම්රාන් රියාස් ඛාන් නිදහස් කරන ලෙස ද ඔවුන් ඉල්ලූහ.

පාකිස්තාන අගමැති ෂාබාස් ෂරීෆ් සහ පීටීඅයි ප්‍රධානී ඉම්රාන් ඛාන් අතර උග්‍ර වන දේශපාලන ගැටුම මධ්‍යයේ ලෝකයේ විවිධ ප්‍රදේශවල වෙසෙන ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් විරෝධතා පවත්වමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here