පන්ජ්ෂීර්හි දී තලේබාන් පාලනයට යළි ප්‍රහාර

0
639

ඇෆ්ගනිස්ථානයේ පන්ජ්ෂීර් පළාතේ පරන්දේ නිම්නයේ දී තලේබාන් රථයක් ඉලක්ක කරගෙන බිම් බෝම්බ ප්‍රහාරයකට ලක්වී තිබේ.

එරට වාර්තා සදහන් කළේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ තලේබාන් පාලකයන් බෙහෙවින් නොසන්සුන් වී ඇති බවයි.

ඒ අනුව, මේ වන විට තලේබාන් හමුදා පරන්දේ නිම්නය වටකර ප්‍රදේශවාසීන් අත්අඩංගුවට ගනිමින් සිටින බව ද සදහන් වේ.

තලේබාන් සංවිධානය විසින් අවසන් වශයෙන් පාලන බලය තහවුරු කරගත් පළාත වන පන්ජ්ෂීර් හි ඇතැම් කදුකර ප්‍රදේශවල තලේබාන් විරෝධී උතුරු පෙරමුණු හමුදා තවමත් රැදී සිටින බව පැවසේ.

ඇෆ්ගනිස්තානය දරුණු ආර්ථික සහ මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක යළි මෙළෙස ගැටුම් ඇතිවීම කණගාටුදායක බව විදෙස් විචාරකයන්ගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here