Sunday, May 19, 2024

සෞදි ආයෝජකයන් පකිස්තානයේ ආයෝජනය කිරීමට අකමැත්තෙන්!

දුෂණය, ප්‍රමාණවත් නොවන යටිතල පහසුකම්, අකාර්යක්ෂම ආයතනික සැකැස්ම,දේශීය බැංකු මූල්‍ය පහසුකම් නොමැතිකම,විනිවිදභාවය නොමැතිකම,මහජන විරෝධතා, නිරන්තරයෙන් සිදුවන දේශපාලන මැදිහත්වීම් සහ නොසන්සුන්තාව වැනි හේතු ගණනාවක් නිසා සෞදි අරාබි ආයෝජකයන් පකිස්තානයේ ආයෝජනය කිරීම අත්හැර දමමින් ඇතැයි වාර්තා වේ.

අගමැති ඉම්රාන් ඛාන් 2021 ඔක්තෝම්බර් මාසයේදී සෞදි සමාගම් සහ ව්‍යවසායකයින්ගෙන් පාකිස්තානයේ ආයෝජනය කරන ලෙස ඉල්ලා සිටි අතර සෞදි සමාගම්වලට පාකිස්තානයේ බලශක්ති, නිෂ්පාදන, සැපයුම් සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට අවකාශ ඇති බව ද සදහන් කර තිබිණ.

එහෙත් පෙර සදහන් කළ හේතු මත සෞදි ආයෝජකයන් පකිස්තානයේ ආයෝජනයට අධෛර්යමත් වී ඇති බවත්, සෞදි ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් සල්මාන් ඉස්ලාමාබාද් නුවර සංචාරයක නිරත වූ අවස්ථාවේදී අත්සන් කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක ආයෝජන ගිවිසුමක් පවා අතහැර දමා ඇති බවත් පැවසේ.

දිගුකාලීන ආයෝජනයක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 10 ක වියදමකින් ඉදිකිරීමට යෝජිතව තිබූ Saudi Aramco තෙල් පිරිපහදුව ඉදිකිරීම පවා ඉදිනොකරන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles