හොංකොංහි කාදිනල් අත්අඩංගුවට ගැනීම ගැන වතිකානුවේ කෝපය

0
391

හොංකොං ජාතික ආරක්ෂක පොලිසිය විසින් ආසියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයෙකු වන ජෝසප් සෙන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව වතිකානුව සිය කනස්සල්ල පළ කර තිබේ.

90 හැවිරිදි කාදිනල්වරයා , තවත් ප්‍රභූන් පිරිසක් සමග පසුගියදා ජාතික ආරක්ෂක පොලිසිය විසින් රඳවා ගනු ලැබුවේ විදේශ බලවේග සමඟ හවුල් වූ බවට වන චෝදනාව යටතේය.

මෙම පියවර ආගමට වඩා දේශපාලනය කේන්ද්‍ර කර ගත් එකක් බව විචාරක මතය වී තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම , 2020 ජූනි මාසයේදී නගරය මත පනවන ලද මතභේදාත්මක ජාතික ආරක්ෂක නීතිය බලාත්මක කිරීමේ පියවරක් බවට ද චෝදනා නැගී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here