Saturday, September 21, 2024

BBC සහ CNN මාධ්‍ය ආයතන රුසියාව තුළ සිදුකළ සිය මෙහෙයුම් නවතා දමයි

රුසියාව තුළ සිදුකළ සිය මෙහෙයුම් තාවකාලිකව නිමා කිරීමට බටහිර ප්‍රවෘත්ති ආයතන වන BBC සහ CNN මාධ්‍ය ආයතන තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් ව්‍යාජ පුවත් පතුරුවන පිරිස් වෙත දඬුවම් පැනවීමට හැකිවන පරිදි නව නීති හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාල නව නීති අනුව යුක්‍රේන-රුසියා යුධමය තත්ත්වය සම්බන්ධ ව්‍යාජ පුවත් ලෙස රජය සලකන පුවත් ප්‍රචාරය කර වරදකරුවෙකු වූ අයෙක් සඳහා වසර 15ක සිරදඬුවම් පැනවීමේ හැකියාව පවතිනවා.

ව්‍යාජ පුවත් පතුරුවන පිරිස් වෙත දඬුවම් පැනවීමට හැකිවන පරිදි නව නීති හඳුන්වාදීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පියවර ගෙන තිබේ.

මේ අතර සමාජ මාධ්‍ය සඳහා වාරණ පැනවීමටත් රුසියානු රජය පියවර ගෙන ඇති අතර ඒ අනුව ෆේස්බුක් සමාජ මාධ්‍ය රුසියාව තුළ තහනම් කිරීමටයි පුටින් රජය තීරණය කළේ.

එමෙන්ම රුසියාවේ ක්‍රියාත්මක වූ ස්වාධීන මාධ්‍ය ආයතන රැසක්ද වසා දමා තිබුණි.

ඉන් නොනැවතී සමාජ මාධ්‍ය මත වාරණ පැනවීමටත් රුසියානු රජය පියවර ගෙන තිබේ.

ඒ යටතේ ඔවුන් පියවර ගෙන ඇත්තේ, ෆේස්බුක් සමාජ මාධ්‍ය රට තුළ තහනම් කිරීමටය.

එමෙන්ම ට්විටර් හා යූ ටියුබ් සේවාවන් සඳහා පිවිසීම සීමා කිරීමටත් රජය තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් ෆේස්බුක්ද අයත් මෙටා ආයතනයේම යෙදවුම් වන ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් මත තවමත් රුසියාව වාරණ පනවා නොමැත.

මේ අතර යුක්‍රේනයේ රාජකාරිවල නිරතව සිටි ස්කයි නිවුස් මාධ්‍යවේදීන් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කෙසේ නමුත් ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර ඔවුන් නැවත එක්සත් රාජධානිය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles