Sunday, May 19, 2024

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයේ පාලනය රුසියාව අතට

යුක්රේනයේ Zaporizhiya න්‍යෂ්ටික බලාගාරයට රුසියානු හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු එහි ගින්නක් හටගෙන තිබේ. එය Energodar ප්‍රදේශයේ පිහිටා ඇති අතර නැගෙනහිර යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ද වෙි.

ඒ අනුව රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක්වූ යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සපොරිෂ්යා බලාගාරයේ පාලනය මේ වනවිට රුසියානු ආරක්ෂක අංශ අතට පත්ව තිබෙනවා.

මීට පෙර, ප්‍රදේශය භාර නගරාධිපති Dimitro න්යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් ඉලක්ක වෙතැයි ඒ ගැන අනතුරු ඇඟවීය. රුසියානු හමුදා විශාල කණ්ඩායමක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ අසල පිහිටි Zaporizhiya න්‍යෂ්ටික බලාගාරය වෙත ළඟා වෙමින් සිටින බව ඔහු පැවසීය. මේ අවස්ථාවේදී නගරයේ විවිධ ස්ථානවලින් පිපිරුම් හඬ ඇසෙන්නට විය.
ගිනිකොනදිග යුක්රේනයේ බලාගාර අත්පත් කර ගැනීමට රුසියානු හමුදා උත්සාහ කළ බව යුක්රේන බලධාරීහු පවසති.

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන යුක්රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ගින්නක් හටගෙන තිබේ.
Zaporizhzhia බලාගාරය යුක්රේනයේ විදුලි සැපයුමෙන් හතරෙන් එකකට පමණ දායක වන අතර එය යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වේ. අවට ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීම සඳහා බලාගාරය අක්‍රීය කිරීමේ අරමුණින් රුසියානු හමුදා බලාගාරයට ප්‍රහාර එල්ල කරන බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර න්‍යෂ්ටික ඒජන්සිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ බලාගාරයේ විකිරණ මට්ටම්වල කිසිදු වෙනසක් වාර්තා වී නොමැති බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කරන බවයි.

හාවඩ් විශ්ව විද්‍යාලයේ න්‍යෂ්ටික ආරක්ෂක විශේෂඥයෙකු වන ග්‍රැහැම් ඇලිසන් පවසන්නේ ගින්න දිගටම පැවතුනහොත් ප්‍රතික්‍රියාකාරකය දියවී යා හැකි බවයි. එසේ උවහොත් 1986 චර්නොබිල් ව්‍යසනයේදී මෙන් 10 ගුණයක බලපෑමක් මෙන්ම වසර ගණනාවක් පුරා අවට ප්‍රදේශය දූෂණය කරන විකිරණශීලීතාව මුදා හැරීමක් සිදුවනු ඇතැයි ඔහු අනතුරු අඟවයි.

එම ප්‍රහාරයෙන් සිදු වූ පිපිරීමත් සමඟ ඇති වූ ගින්නත් සමඟ න්‍යෂ්ටික විදුලි බලාගාරය ආසන්න ප්‍රදේශයේ විකිරණ මට්ටම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බලාගාරයේ මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ ගින්න නිවා දැමීමට නම් රුසියන් හමුදාව විසින් එම ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරමින් පවතින ප්‍රහාර නවතා දැමිය යුතු බවයි.
මෙම න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක හයක් තිබෙන අතර එය යුරෝපයේ ඇති විශාලතම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය සහිත බලාගාරය වනවා.

යුක්රේන සහ රුසියානු මාධ්‍ය වාර්තා කළේ රුසියානු භට කණ්ඩායම් මේ වනවිට බලාගාර පරිශ්‍රයට පැමිණ ඇති අතර, ඔවුන් එය අක්‍රීය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක්වූ මෙම බලාගාරයේ හටගත් ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබූ අතර, චර්නෝබිල් මෙන් තවත් න්‍යෂ්ටික අනතුරකට මුල්විය හැකිව තිබූ මෙම සිද්ධිය පිළිබඳව ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරියේ ද අවධානය යොමු වුණා.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය පවසන්නේ තම ආයතනය විසින් මෙම පවතින දුෂ්කරතා මධ්‍යයේ වූවද න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා යුක්‍රේනයට අවශ්‍ය සියලු සහායන් ලබාදෙන බවයි.

බලාගාරයේ සිටින ප්‍රකාශකයෙකු රුසියාවෙන් ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ බර අවි යොදාගෙන කරනු ලබන ප්‍රහාරයන් වහාම නවත්වන ලෙසයි.

ඇසෝසියේට් ප්‍රෙස් මාධ්‍යවේදියෙකු විසින් ද න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධව යුක්‍රේනයේ සිට වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ඔහුද පවසා තිබුණේ බලාගාරය මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.

බලාගාරයේ මේ වන විට ඇතිව තිබෙන ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවෙන භටයන්ට එහි යාමට නොහැකි තත්ත්වයක් ඇති බවද ඔහු පවසා තිබුණා.

බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක මේ වන විට ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති වූවත් න්‍යෂ්ටික අපද්‍රව්‍ය බොහෝමයක් එම ස්ථානයේ ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙම බලාගාර‍ය යුක්‍රේනයේ බලශක්තියෙන් 25%ක් සපයනු ලබන අතර මෙය හැරුණු කොට තවත් බලාගාරයන් 4ක් යුක්‍රේනය සතු වෙනවා.

මෙි අතර යුරෝපා කලාපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ලෙසට සැලකෙන Zaporizhzhia බලාගාරය රුසියාව විසින් අත්පත් කර ගැනීමට විරෝධතා දක්වන ලෙසට යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy රුසියානුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පවතින ගැටුම් අතරතුර Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ගොඩනැගිල්ලක් රුසියානු හමුදා විසින් ගිනිබත් කළ බවයි යුක්රේන බලධාරීන් සිකුරාදා ප්‍රකාශ කළේ.

එමගින් සිදුවිය හැකි න්‍යෂ්ටික ව්‍යසනයක් පිළිබඳ භීතියක් ද මතු කරමින් යුක්රේනය මෙම හෙළිදරව්ව සිදු කළ අතර පසුව ගින්න නිවා දමා තිබෙනවා.

1986 වසරේ අප්‍රේල් 26 වනදා සිදු වූ ලොව දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනය ලෙස සැලකෙන චර්නොබිල් ව්‍යසනයේ දී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද සිහි කැඳවමින් යුක්රේන ජනපතිවරයා රූපවාහිනී සංවාදයකට එක්වූ අවස්ථාවේ රුසියානු ජනතාවගෙන් මෙම ඉල්ලීම සිදු කළා.

“රුසියානු ජනතාවනි, ඔබ මහ මගට බැස ඔබට ජීවත් වීමට අවශ්‍ය බව පැවසිය යුතුය, ඔබට විකිරණශීලී වායු දූෂණයෙන් තොරව පෘථිවියේ ජීවත් වීමට අවශ්‍ය බව පැවසිය යුතුය. රුසියාව කොහේදැයි විකිරණ නොදනී. එමෙන්ම විකිරණ ඔබේ රටේ දේශසීමා කොතැනදැයි නොදනී.” යනුවෙන් යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රුසියාව කළ ප්‍රහාරය නොසැලකිලිමත් බව හේතුවෙන් සිදු වූවක් බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක දී ඇමරිකා එක්සත් ජනපදය පවසා තිබෙනවා. “දෙවියන් වහන්සේගේ කරුණාවෙන්, ඊයේ රාත්‍රියේ ලෝකය න්‍යෂ්ටික ව්‍යසනයකින් යන්තමින් වැළකුණා”, ‍යනුවෙනුයි ඇමරිකා තානාපති ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් කියාසිටියේ.

ඇතැම් ගොඩනැගිලිවලට ෂෙල් ප්‍රහාර එල්ල වීමෙන් පසුව රුසියානු හමුදා බලාගාරය අත්පත් කර ගත් අතර, යුක්රේනය පවසන්නේ මෙම ප්‍රහාරවලින් මරණ හා තුවාල සිදුව ඇති බවයි.

මෙම ප්‍රහාරයේදී විකිරණශීලී ද්‍රව්‍ය කිසිවක් නිකුත් නොවූ අතර බලාගාරය ආරක්ෂිත බව ජාත්‍යන්තර නිරීක්ෂකයින් පවසා තිබෙනවා.

යුක්රේනය තුළ න්‍යෂ්ටික බලාගාර 05ක් ඇති අතර ඉන් යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය සැපරීෂියා බලාගාරයයි.

හටගත් දරුණු ගැටුම්වලදී රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එම බලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයකට එල්ල වීම හේතුවෙන් ගින්නක් ද හටගත්තා. මෙම ප්‍රතික්‍රියාකාරකය දැනට භාවිතයට නොගන්නා එකක්වන නමුත් එහි න්‍යෂ්ටික ඉන්ධන ගබඩා කර තිබෙන බවටයි වාර්තාවන්නේ. කෙසේවෙතත් බලාගාරය ආශ්‍රිතව න්‍යෂ්ටික විකිරණශීලී මට්ටම මේ වන විට පවතින්නේ සාමාන්‍ය අගයකයි.

යුක්රේනයේ බලශක්ති අවශ්‍යතාවයෙන් 25%ක් සපුරාලන මෙම න්‍යෂ්ටික බලාගාරයේ පූර්ණ පාලන බලය මේ වනවිට රුසියානු හමුදා නතු කර ගෙන තිබෙන අතර විදෙස් වාර්තා පවසන්නේ මේ වනවිට එය ක්‍රියාවිරහිත කර ඇති බවයි. යුක්රේනයේ චානෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය ද මේ වනවිට පවතින්නේ රැසියානු හමුදා භාරයේයි. යම් හෙයකින් මෙම බලාගාරවල පිපිරීමක් සිදු වුවහොත් එය යුරෝපා කලාපයේ සිදුවන දරුණුතම ජන සංහාරය වනු ඇති බවටද බිය පළ කෙරෙනවා.

මේ අතර තම ගුවන් සීමාවේ රුසියානු යුද ගුවන් යානා තහනම් කරන ලෙසට යුක්රේනය කළ ඉල්ලීම නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ක්‍රියාමාර්ගවලට එරෙහිව තවත් සම්බාධක පැනවීමටයි ඔවුන් පොරොන්දු වී ඇත්තේ. යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy පසුගිය පෙබරවාරි 24 වන දා රුසියානු හමුදා ආක්‍රමණය කළ තම රට පුරා පියාසර තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කරන ලෙස නේටෝව වෙත ඉල්ලීමක් කර තිබුණා. යුක්රේනයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පැවසුවේ අප මෙම ගැටුමේ කොටස්කරුවන් නොවන බවයි. මෙම ගැටුම් යුක්රේනයෙන් ඔබ්බට පැතිරී යාම වැළැක්වීමට තමන්ට වගකීමක් ඇති බවයි ඔහු බ්‍රසල්ස් හි පැවති නේටෝ සංවිධාන රැස්වීමකින් පසුව පැවසුවේ.

පැවති සෝවියට් ජනරජයක් වන යුක්රේනයට යුරෝපා සංගමයට සහ නේටෝ සංවිධානයට එක්වීමේ අවශ්‍යතාව පවතිනවා. කෙසේවෙතත් රුසියාව යුක්රේනයේ එම අවශ්‍යතාව සලකනු ලබන්නේ එය තම ආරක්ෂාවට තර්ජනයක් ලෙසටයි. ඒ හේතුව මතයි රුසියාව මෙලෙස යුක්රේනය ආක්‍රමණය කරමින් සිටින්නේ. රුසියානු හමුදා ඔවුන්ගේ ප්‍රහාරය ආරම්භයෙන් පසු ජනාකීර්ණ ප්‍රදේශ සහ සිවිල් ජනතාවගේ යටිතල පහසුකම් ඉලක්කවලට ෂෙල් ප්‍රහාර එල්ල කර ඇති අතර න්‍යෂ්ටික බලාගාරයක් ද අත්පත් කර ගත්තා.

මේ අතර යුක්රේනයේ ගැටුම් හමුවේ පීඩාවට පත්ව පලා යන ජනතාවට බ්‍රිතාන්‍යයේ තම ඥාතීන් හමුවේ රැඳී සිටිය හැකි වීසා බලපත්‍ර කාලය මාස 12 සිට වසර තුනක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. එරට ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් පැවසුවේ මෙය යුද්ධයෙන් පලා යන අයට ස්ථිර ආරක්ෂිත බවක් සහ රැකියාවක් සොයා ගැනීමට වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි. කෙසේ නමුත් කම්කරු පක්ෂයට අවශ්‍ය වන්නේ එක්සත් රාජධානියේ කිසිදු ඥාතියෙකු නොමැතිව යුක්රේන සරණාගතයින් ඇතුළත් කිරීම සඳහා යෝජනා ක්‍රමය පුළුල් කිරීමයි.

මේ අතර රුසියාව පසුගිය සතියේ යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මිලියනයකට අධික පිරිසක් යුක්රේනය හැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles