උපක්‍රමශීලි වෙන්න..

0
441

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීම සඳහා වන ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාජයට පත්වූයේ පාර්ලිමේන්තු උපක්‍රමශීලී බව අමතක කර එය ඉදිරිපත් කළ නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව විවාදයට ගැනීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමට අවශ්‍ය බව එම්.ඒ සුමන්තිරන් මහතා තමා හමුවී පැවසූ බව කී අග්‍රාමාත්‍යවරයා එම යෝජනාව ජනපති තනතුරෙන් ඉවත් කරන්නට නොව අප්‍රසාදය පළ කිරීම සඳහා බවත් ඉන්පසුව ජනපතිට බලයේ සිටිය හැකි බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා තමා සමඟ පැවසූ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කලහකාරී සිද්ධි නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මියයාම, මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදහස් පළ කිරීමට අඟහරුවාදා කාලය වෙන්කර තිබෙන බැවින් ඊට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීම ගැන ඊට පසුව විවාද කිරීමට වෙලාව තිබෙන බවත් එහිදී තමා සුමන්තිරන් මන්ත්‍රීවරයාට පැවසූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය. ස්ථාවර නියෝග අත්හිටුවන යෝජනාව පරාජයට පත් වුවහොත් ප්‍රධාන යෝජනාව ද අඩපණ වන්නේ ද යැයි ද අඟහරුවාදා දින තමන්ගේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙන්නේ යැයි ද තමා සුමන්තිරන් මන්ත්‍රීවරයාට දැනුම් දුන් බවද අග්‍රාමාත්‍යවරයා කීය.

නමුත් අවාසනාවකට විපක්ෂය ස්ථාවර නියෝග හිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර එය පරාජයට පත්වූ බවද දැන් ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ඉදිරියට ගෙනයන්න පුළුවන් ද කියා ප්‍රශ්නයක් තිබෙන බව ද කී අග්‍රාමාත්‍යවරයා මෙය සිදුවූයේ පාර්ලිමේන්තු උපක්‍රමශීලී බව අමතක කර යෝජනාව ඉදිරිපත් කළ නිසා බව බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here