විදේශයන්හි ආයෝජනවල ආරක්ෂාව පිළිබද චීනය බියෙන්

0
290
Chinese flag in beijing tiananmen square

විදේශවල ඇති චීන ආයෝජන සහ විදේශවල සිටින චීන ජාතිකයින්ට එරෙහි ප්‍රහාර මැඩ පැවැත්වීම චීන ආරක්ෂක වැඩපිළිවෙළේ ප්‍රමුඛත්වය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව, විදේශයන්හි සිටින චීන ජාතිකයන් සහ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘති ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක සමාගම් යෙදවීමේ අදහස චීනය විසින් සලකා බලමින් සිටින බව මාධ්‍ය වාර්තා කරනවා.

පසුගියදා අවසන් වූ කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනයේදී ෂී ජින්පින්ග් මේ පිළිබඳව පුළුල් ඉඟියක් ලබා දුන් බව පැවසේ.

ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් වටිනා ආයෝජන ඇතුළත්, BRI ව්‍යාපෘති රටවල් කිහිපයක ත්‍රස්තවාදීන්ගෙන් සහ කඩාකප්පල්කාරී තර්ජනවලට මුහුණ දී තිබේ.

විදේශීය ආරක්ෂාව සහතික කිරීමට සහ විදේශයන්හි සිටින චීන පුරවැසියන්ගේ සහ නීතිමය ආයතනවල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට චීනයේ හැකියාව ශක්තිමත් කරන බව චීන ජනාධිපතිවරයා 20 වැනි ජාතික සම්මේලනයේදී පැවසීය.

ත්‍රස්තවාදීන්ගේ සහ අසතුටුදායක බලවේගවල වැඩිවන ප්‍රහාර හමුවේ පකිස්ථානය, මියන්මාරය, ශ්‍රී ලංකාව, නයිජීරියාව, දකුණු සුඩානය සහ ලිබියාව යන රටවල BRI ව්‍යාපෘති සහ ඒවාට සම්බන්ධ පුද්ගලයින්ගේ ආරක්ෂාව තර කිරීමට චීනයේ අභිලාෂය මෙම ප්‍රකාශය මගින් පැහැදිලි වන බව විදෙස් වාර්තාවල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here