තායිවානය චීනයට එරෙහිව විදේශ සබදතා පුලුල් කරයි.

0
462

එක්සත් ජනපදය ඇතුළු බටහිර ප්‍රජාතන්ත්‍රවාදී කදවුරේ රටවල් සමග මූලෝපායික සබඳතා පුලුල් කර ගැනීමට තායිවානය තීරණය කර තිබේ.

ඒ චීනය තායිවානය කෙරෙහි දිගින් දිගටම පූර්ණ ස්වෛරීත්වය ප්‍රකාශ කිරීමට දරන උත්සහය පරාජය කිරීමේ අරමුණිනි.

එසේ කටයුතු නොකළහොත් හොංකොං සහ මැකාවු වැනි පාලන ඒකකයන් මේ වනවිට මුහුණ දී ඇති මර්දනකාරී පාලන රටාවට මුහුණ දීමට තමන්ට ද සිදුවනු ඇති බව තායිවානයේ විශ්වාසය වී තිබේ.

මේ අනුව තායිවානය පසුගියදා කැනඩාව සමඟ විදේශ ආයෝජන ප්‍රවර්ධන සහ ආරක්ෂණ වැඩපිළිවෙළක් පිළිබඳව ගවේෂණාත්මක සාකච්ඡා ආරම්භ කළ බව කැනඩාවේ වැන්කුවර්හි තායිපේ ආර්ථික හා සංස්කෘතික කාර්යාලයේ (TECO) අධ්‍යක්ෂ Liu Li-hsin සදහන් කළාය.

චීනයේ “එක් රටක් පද්ධති දෙකක්” සංකල්පය හොංකොං අරඹයා ක්‍රියාත්මක කරනු ලැබ ඇති බවත් එහිදී සැබෑවටම සිදුව ඇත්තේ එක් චීනයක් පමණක් ක්‍රියාත්මකවීම බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here