Saturday, April 27, 2024

පකිස්තානයේ කාශ්මීර ආක්‍රමණයට වසර 75ක් පිරෙයි

ජම්මු කාශ්මීර ඉතිහාසයට සදාතනික කළු පැල්ලමක් ඉතිරි කළ කුප්‍රකට Gulmarg මෙහෙයුමේ අදුරු මතකයට එළඹෙන 22 වනදාට වසර 75 ක් සම්පූර්ණ වෙයි.

ජම්මු කාශ්මීරය අදුරු අනාගතයකට ඇද දැමූ එම සිදුවීමට පකිස්තානය ඍජුව වගකිව යුතු බව ජාත්‍යන්තර මතය වී තිබේ.

පකිස්ථානයේ එම අසාර්ථක මෙහෙයුමෙන් අනතුරුව ලෝකය පකිස්තානයට අවස්ථා රැසක් ලබා දුන් නමුත් සිය අතපසුවීම් නිවැරදි කර ගැනීමට අපොහොසත් වී ඇති බවටද පකිස්තානයට චෝදනා එල්ල වෙයි.

පකිස්ථානයේ ක්‍රියාකලාපය ජම්මු කාශ්මීරය තුළ ත්‍රස්තවාදයේ පැතිරීමට අත්වැලක් සපයා ඇතැයි විචාරකයන් පෙන්වා දෙයි.

පකිස්තාන පාලනය යටතේ ඇති ජම්මු කාශ්මීර කලාපයේ සුප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය ශාබීර් චෞද්‍රි පවසන්නේ Gulmarg මෙහෙයුම හුදෙක් ඛේදවාචකයක් පමණක් නොවන බවයි.

අහිංසකයින් දහස් ගණනකට දිවි අහිමි කර කාන්තාවන් හා ගැහැනු දරුවන් දූෂණයට හා පැහැර ගැනීමට ලක් කළ එම මෙහෙයුම හරහා සියල්ල වෙනස් වූ බව ඔහු පෙන්වා දෙයි.

වාර්තාවලට අනුව Gulmarg මෙහෙයුම හරහා ජම්මු කාශ්මීරයේ දිවි අහිමි වූ පිරිස 30,000 ක් 40,000 ක් පමණ වන බව සදහන්.

අදුරු මතකයට දශක 7 ක් ගෙවී ගොස් ඇති මොහොතක ආචාර්ය චෞද්‍රි අවධාරණය කරන්නේ ඉතිහාසය වෙනස් කළ එම ඛේදවාචකයට වගකිව යුතු වරදකරුවන් සොයා ගත යුතු බවයි.

එය සැලසුම් කළේ කවුරුන්ද? ඔවුන්ගේ න්‍යාය පත්‍රය වූයේ කුමක්ද? සහ දේශීයව මැදිහත්වීම් සිදු කළේ කවුරුන්ද යන්න විසදා ගත යුතු ගැටලු බව ඔහු පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles