ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 18ක් ජිවිතක්ෂයට

0
385

බටහිර ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයක සිකුරාදා සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 18 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.

මිය ගිය පිරිස අතර දැඩි මුස්ලිම් මතධාරී පුජකවරයෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉකුත් වසරේ දී ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් සංවිධානය රටේ පාලන බලයට පත්වීමෙන් පසු රටතුල ප්‍රචණ්ඩත්වය අවම වුවත් මේ වන විට දිනෙන් දින බෝම්බ පිපිරීම් වාර්තා වෙමින් තිබෙනවා.

ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ වෙසෙන සුළු ජන කොට්ඨාශ ඉලක්ක කර ගනිමින් මෙලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඊයේ දිනයේ එල්ල වූ ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ ආගමික වතාවත්වල නියැලෙමින් සිටි පිරිසක්.

ප්‍රහාරයෙන් 23 දෙනෙකු තුවාල ලබා ඇතැයි ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා සඳහන් කළා.

බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ඉස්ලාමිය පුජක මුජිබ් උර් රහ්මාන් අන්සාරි, පසුගිය ජුලි මාසයේදී සිදුකළ දේශනයකදී කියා සිටියේ ඉස්ලාමිය රාජ්‍යට එරෙහිව සිදුකරනු කුඩාම ක්‍රියාවක් වුවද එලෙස සිදුකරනු ලබන්නන් ගේ හිස ගසා දැමිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here