Saturday, July 27, 2024

බස් ලොරි ගැටුමකින් 07ක් රෝහල් ගත කෙරේ(PHOTOS)..

බම්බලපිටිය ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වනවා.

කොළඹ සිට ඩුප්ලිකේෂන් මාර්ගය ඔස්සේ කතරගම බලා ධාවනය වූ බස් රථයක් බුලර්ස් පාර හන්දියේදී තුම්මුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ, බස් රථය පෙරළී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් 15 දෙනාගෙන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, රියදුරු මාර්ග සංඥා නොතකා ධාවනය කිරීම නිසා අනතුර සිදුව ඇති බවයි.

බම්බලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි

News Source : gagana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles