බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි…

0
602
BREAKING

සියලුම පෞද්ගලික බස්රථ ලබන සඳුදා (ජුනි 06) සිට ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඒ බස් රථ ධාවනයට අවශ්‍ය ඩීසල් නිසි පරිදි ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් බවයි ඔහු පවසන්නේ.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීම නිසා මෙම තීරණය ගන්නා බවත් ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.

බස් රථ ධාවනය සඳහා මේ සතිය තුළ ඩීසල් විධිමත්ව ලබාදීමට පියවර නොගතහොත් එලැඹෙන සඳුදා (ජුනි 06) සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here