ඩිජිටල් සමාගම් නියාමනයට ඉන්දියාවෙන් නව නීතියක්

0
354
India's Minister of Information and Broadcasting Prakash Javadekar addresses a press conference on social media platforms, in New Delhi on February 25, 2021. (Photo by Prakash SINGH / AFP) (Photo by PRAKASH SINGH/AFP via Getty Images)

ඉන්දියාවේ මුල්‍ය කටයුතුය පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර කාරක සභාව විසින් ප්‍රධාන පෙලේ ඩිජිටල් සමාගම්වල තරඟකාරී නීතිවිරෝධී භාවිතයන් නියාමනය කිරීම සඳහා ඩිජිටල් තරඟකාරී නීතියක් මගින් එම සමාගම් පාලනය කිරීමට නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම ඩිජිටල් සමාගම්වලට පූර්ව අනතුරු ඇඟවීම සහ අපේක්ෂිත වෙනස්කම් හෝ ක්‍රියාකාරකම් මත පදනම් වූ රෙගුලාසි පැනවීමේ අවශ්‍යතාවය ද එම කමිටුව අවධාරණය කර ඇත.

දැඩි රෙගුලාසි අවශ්‍ය වන පද්ධතිමය වශයෙන් වැදගත් ඩිජිටල් අතරමැදියන් (SIDIs) සඳහා රජය අර්ථ දැක්වීමක් සකස් කළ යුතු බවද පාර්ලිමේන්තු ‍මුල්‍ය කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර කාරක සභාව පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව ආදායම් වර්ගීකරණය, වෙළඳපල ප්‍රාග්ධනීකරණය සහ ක්‍රියාකාරී පරිශීලකයින් සංඛ්‍යාව මත පදනම්ව මෙම රෙගුලාසි පැනවීම සිදු කරනු ඇතැයි පැවසෙයි.

Alphabet (Google සමාගමේ මව් සමාගම), Meta (Facebook හිමි සමාගම) සහ Amazon වැනි තීරණාත්මක ඩිජිටල් අතරමැදියන් ලෙස ක්‍රියා කරන මහා පරිමාණ ජාත්‍යන්තර තාක්ෂණික සමාගම් ලෙස ලොව පුරා පිළිගත් සමාගම් ඊට ඇතුළත් වනු ඇති.

ඉහළ තාක්‍ෂණික සමාගමක් මැදිහත්කරුවන් ලෙස ක්‍රියා කරන විට සිය තරඟකරුවන්ගේ ඉදිරිපත් කිරිම්වලට සාපේක්ෂව තමන්ගේ ඉදිරිපත් කිරීම් සදහා අනුග්‍රහය නොදැක්විය යුතු බව ද ඉන්දියාවේ පාර්ලිමේන්තු ස්ථාවර කමිටුව සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here