Wednesday, April 24, 2024

ඉන්දියාව සහ එක්සත් අරාබිය අතර වෙළෙඳාම පුලුල් කළ සීපා

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම (CEPA) ක්‍රියාත්මක කිරීම ආරම්භ වී වසරක් ගත වන විට ද්විපාර්ශ්වික වෙළෙඳාමේ වර්ධන එන්ජිම බවට එය පත්ව ඇතැයි ඉන්දියාවේ වානිජ ලේකම් සුනිල් බර්ත්වාල් පවසයි.
දෙරට අතර සීපා ගිවිසුම ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ පසුගිය වසරේ මැයි මාසයේදීය.
දෙරට අතර ව්‍යාපාර කිරීමේ පහසුව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දෙපාර්ශවයම එක්ව කටයුතු කරමින් සිටින බව වාණිජ ලේකම්වරයා පැවසීය.
පසුගිය වසර තුළ, සීපා ගිවිසුම එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඉන්දියාවේ ද්විපාර්ශ්වික වෙළඳාමට සහ විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (තෙල් සහ තෙල් නොවන) ඉන්දියාවේ අපනයන කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇත.
2022-23 මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඓතිහාසික ඉහළම මට්ටමට ළඟා වී තිබේ.
පෙර වසරේ ඩොලර් බිලියන 72.9ක් වූ ද්විපාර්ශ්වික වෙළෙඳාම සීපා ගිවිසුම ක්‍රියාත්මක කිරීමෙන් පසු වසරේදී ඩොලර් බිලියන 84.5ක් දක්වා සියයට 16කින් වර්ධනය වී තිබේ.
ඉන්දියාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිදුකරන අපනයන ද ඉතිහාසයේ ඉහළම අගයක් වාර්තා කර ඇත.
2022 අප්‍රේල් සහ 2023 මාර්තු අතර කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කරන ලද ඉන්දියානු අපනයන පෙර වසර හා සැසඳීමේදී USD බිලියන 28 සිට USD 31.3 දක්වා වැඩි විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles