චීන සමාගම් හයකට ඇමරිකාව සම්බාධක පනවයි

0
249

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ඇමෙරිකාවේ ක්‍රියාත්මක ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ චීන සමාගම් හයකට නව සම්බාධක පනවා තිබේ.

මෙම සම්බාධක පැනවීම සිදුකර ඇත්තේ පසුගියදා එක්සත් ජනපද ගුවන් සීමාව හරහා පියාසර කළ ‘ඔත්තු බැලූනය’ සම්බන්ධයෙන්, චීනයට එරෙහි පළිගැනීමේ කොටසක් ලෙසය.

අමෙරිකානු ගුවන් සීමාවේ ඔත්තු බැලූ බව පවසන චීනයට අයත් බැලුනයක් අමෙරිකානු ආරක්ශක අංශ විසින් පසුගියදා පුපුරුවා හැරීමට පියවර ගනු ලැබීය.

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රහාරක ජෙට් යානා යොදාගනිමින් සිදුකළ ප්‍රහාරයකින් අනතුරුව එම බැලුනය මුහුදට කඩා වැටී ඇති බවයි.

ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව විසින් චීන සමාගම් අසාදු ලේඛනගත කිරීම මගින් එම සමාගම්වලට විශේෂ බලපත්‍රයක් නොමැතිව ඇමරිකානු කොටස් සහ තාක්ෂණයන් විකිණීමට නොහැකි වනු ඇත.

කර්මාන්ත සහ ආරක්ෂාව පිළිබඳ වාණිජ කටයුතු පිළිබඳ උප ලේකම් ඇලන් එස්ටෙවේස් පවසා ඇත්තේ, චීන රජය විසින් නිරීක්ෂණ සඳහා අධි තාක්ෂණික බැලූන් භාවිත කිරීමට එරෙහිව මෙම ක්‍රියාව මගින් සෘජුවම ප්‍රතිචාර දැක්වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here