Saturday, April 20, 2024

චීනය පාලනය කරන්න G20 හරහා යෝජනාවක්

කොවිඩ් වසංගත හා යුක්රේන යුද්ධයෙන් ආර්ථික බිඳවැටීමෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ ණයගැති රටවලට උපකාර කිරීම සඳහා ලෝකයේ විශාලතම ස්වෛරී ණයහිමියා වන චීනය ඇතුළු ණය දෙන්නන්ගෙන් ණය සඳහා විශාල කප්පාදුවක් ලබාදෙන ලෙසට ඉල්ලා ඉන්දියාව G20 රටවල් සඳහා යෝජනාවක් කෙටුම්පත් කරමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පසුගියදා ප්‍රකාශ කළේ පීඩාවට පත් රටවල්හි ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව පොදු අවබෝධතාවකට එළඹීමට උත්සාහ කිරීම සඳහා ලෝක බැංකුව, ඉන්දියාව, චීනය, සෞදි අරාබිය, එක්සත් ජනපදය සහ අනෙකුත් G7 කණ්ඩායම් රටවල් සමඟ රැස්වීමක් පවත්වන බවයි. 

ඉන්දියාව විසින් ඉදිරිපත් කරන යෝජනාවේ එක්සත් ජනපදය ප්‍රධාන ආධාරකරුවෙකු වනු ඇතැයි  අපේක්ෂා කරන බව වාර්තා පෙන්වාදෙයි.

ඉන්දියාව විසින් මෙම යෝජනාව සම්පාදනය කරමින් සිටින බව චීනය මෙන්ම අනෙකුත් ණයදෙන ජාතීන්ද දැනුවත්ව සිටින බවද විදෙස් පුවත් සේවා ප්‍රකාශ කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles