Friday, April 26, 2024

බ්ලැක්ස්ටෝන්ලාගේ හොඳම ආසියානු වෙළෙඳපොළ ඉන්දියාවලු

තමන් සමග කටයුතු කරන ආසියාවේ විශාලතම වෙළඳපොල බවට ඉන්දියාව පත්ව තිබෙන බවත්, අනාගතයේදී ඉන්දියාවේ සිය ආයෝජන තවදුරටත් ඉහල නැංවීමට අපේක්ෂාවෙන් පසුවන බවත් ලොව විශාලතම ආයෝජන කළමනාකරණ සමාගමක් වන බ්ලැක්ස්ටෝන් ඉන්කෝපරේෂන් ප්‍රකාශ කරයි.

ගෝලීය වශයෙන් ඩොලර් ට්‍රිලියනයකට ආසන්න වත්කම් කළමනාකරණය කරන එක්සත් ජනපදය පදනම් කරගත් බ්ලැක්ස්ටෝන් සමාගම, ඉන්දියාව එහි හොඳම ක්‍රියාකාරී වෙළඳපොලක් බව සඳහන් කරයි.

බ්ලැක්ස්ටෝන් හි සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජොනතන් ග්‍රේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා ඇත්තේ අනෙකුත් විශාල රටවලට වඩා ඉන්දියාවේ වේගවත් වර්ධනය සහ වර්ධනය දෙසට නැඹුරු වූ රජයක් හේතුවෙන් සමාගම ඉන්දියාවේදී ඉහළ මට්ටමක ප්‍රතිලාභ ලබන බවයි.

බ්ලැක්ස්ටෝන් සමගම පවසන්නේ පෞද්ගලික කොටස් සහ දේපළ වෙළඳාම් ඇතුළුව ඉන්දියාවේ ඩොලර් බිලියන 50 ක් වටිනා වත්කම් කළමනාකරණය කරන බවයි.

එය පසුගිය වසර තුළ දේපල කොටස් අලෙවියෙන් පමණක් ඩොලර් බිලියනයකට වඩා උපයා ඇති බව වාර්තා සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles