චීනයේ ඇමතිවරයෙකු ඩොලර් මිලියන 96 ක් අල්ලස් අරන්

0
376

වසර 20කට ආසන්න කාලයක් ඩොලර් මිලියන 96.3 ක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව යටතේ චීනයේ හිටපු මහජන ආරක්ෂක උප අමාත්‍යවරයකු තමන්ට එරෙහිව චංචුන් නගරයේ අතරමැදි අධිකරණයේදී පැවැති නඩු විභාග‍යේදී වරද පිළිගෙන ඇත.

ඒ අනුව ඔහුට දීර්ඝ සිර දඬුවමකට මුහුණ දීමට සිදු වනු ඇති බව වාර්තා වේ.

සුන් ලිජුන් නම් වන ඔහුට රජයේ තනතුරු විකිණීම, කොටස් මිල හැසිරවීම සහ නීති විරෝධී ලෙස ගිනි අවි ළඟ තබා ගැනීම ආදි චෝදනා එල්ල වි තිබේ.

කෝවිඩ් වසංගතය හමුවේ සිය තනතුර හැර යාම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here