ජපානය, දකුණු කොරියාව හා යුරෝපා සංගමයෙන් ආනයනය කරනු ලබන වානේ සඳහා චීන රජය අයකරනු ලබන බදු තවදුරටත් වැඩි කර තිබේ.
අදාළ තීරණය තවත් වසර පහක කාලයක් සඳහා බලපැවැත්වෙන බව එරට වානිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
ඒ අනුව ජපානයෙන් ආනයනය කරනු ලබන වානේ නිෂ්පාදන වෙනුවෙන් මීට පෙර අය කළ සියයට 39 ක් වූ බද්ද සියයට 45.7 ක් දක්වා ඉහළ නංවා ඇති අතර ඒවා ජේ.එෆ්.ඊ. ස්ටීල් හා නිපොන් ස්ටීල් වෙනුවෙන් බලපැවැත්වේ.
කොරියානු සමාගම් මගින් ආනයනය කරනු ලබන වානේ නිෂ්පාදන වෙනුවෙන් සියයට 37.3 ක් හා යුරෝපා සංගමයට අයත් රටවල නිෂ්පාදන සඳහා සියය 46.3 ක් ද බදු ඉහළ දමා ඇත.
චීන රජයේ මෙම තීරණයට එරට වානේ නිෂ්පාදකයන් අප්‍රසාදය පළකරමින් පෙන්වා දී ඇත්තේ දේශීය වානේ නිෂ්පාදන ක්ෂේත්‍රයට එමගින් දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි.
ට්‍රාන්ස්ෆොමර් නිෂ්පාදනය කිරීමට භාවිත කරන විද්යුත් සන්නයන වානේ හා සිලිකන් වානේ භාවිත කරන අතර කාබන් වානේ වලට වඩා මෙම වානේ මිලෙන් අධිකය.