Saturday, April 20, 2024

ඉන්දියාවේ වාහන ව්‍යාපාරය යළි පණ ගසයි.

දෙවැනි කොවිඩ් රැල්ල හේතුවෙන් අවසන් වර්ෂයේදී ඉන්දියාවේ රථ වාහන නිෂ්පාදන ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ලවුණද මෙම වසරේ අප්‍රේල් – ජූනි කාල සීමාව තුළ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදාගන්නා මෝටර් රථ අපනයනය පසුගිය වසර අදාළ කාලයට සාපේක්ෂව සියයට 26 ක වර්ධනයක් පෙන්වා තිබේ.
ඉන්දීය රථ වාහන නිෂ්පාදකයන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2021-22 එම කාර්තුවේ ඒකක 1,27,083 හා සසඳන විට මෙම මූල්‍ය වර්ෂයේ අප්‍රේල්-ජූනි කාලය තුළ මගී වාහන නැව්ගත කිරීම් ඒකක 1,60,263 දක්වා ඉහළ ගොස් ඇත.
වෑන් රථ අපනයනය පසුගිය වසරේ මෙම අප්‍රේල් – ජූනි වකවානුවට සාපේක්ෂව පහළ බැස්මක් සටහන්ව ඇත. මෙම කාලයේ එය ඒකක 316 ක් වුවද පසුගිය වසරේ එම සංඛ්‍යාව දැක්වුණේ ඒකක 588 ක් ලෙසය.
මරුටි සුසුකි ඉන්දියා වර්ගයේ වාහන මෙම කාල සීමාව තුළ වැඩියෙන්ම අලෙවි කරන ලද ඉන්දීය රථ වාහන වර්ගය ලෙස පැවසෙයි. ඉන් අනතුරුව හයිහුන්ඩායි මෝටර් ඉන්දියාව සහ කියා ඉන්දියා පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථානයන්ට ශ්‍රේණිගතව අපනයනය සිදුකළ සමාගම් වේ.
මරුටි ආයතනය විසින් ඒකක 68987 ක් රථ වාහන මෙම කාර්තුවේදී අපනයනය කර ඇති අතර එය පසුගිය වසරේ මෙම කාල සීමාවේ සටහන් වූයේ ඒකක 45056 ක් ලෙසය.
මෝටර් රථ නිෂ්පාදකන් අතර වැඩිම මගී ප්‍රවාහන රථ අපනයන වෙලඳපොලවල් ලතින් ඇමරිකාව, අග්නිදිග ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග සහ අසල්වැසි රාජ්‍යයන්ය. එහි ප්‍රමුඛතම අපනයන මාදිලි පහ ලෙස සැලකෙන්නේ Baleno, Dzire, Swift, S-Presso සහ Brezza ය.
කියා ඉන්දියා මෙම කාර්තුවේදී රථ 21459 ක් ලෝකය පුරා අපනයනය කර ඇති අතර එය පසුගිය වසරේ මෙම කාර්තුවේ සටහන් වූයේ 12448 ක් ලෙසය. නිසාන් මෝටර් ඉන්දියා 11419 ක් ද වොක්ස්වැගන් රථ නැව්ගත කිරීම් 7146 කි. මෙම කාල වකවානුවේ රෙනෝල්ට් හා හොන්ඩා වාහන නැව් ගත කිරීම් පිළිවෙලින් 6658 ක් හා 6533 ක් ලෙස දැක්වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles