අභියෝග රැසක් සමග චීනය 2022 අවසන් කරයි

0
265
People wearing face masks queue at a makeshift testing centre for the coronavirus disease (COVID-19) following the outbreak, in Hong Kong, China February 18, 2022. REUTERS/Lam Yik - RC25MS9DWLHP

2022 චීනයට වැදගත් වසරක් වූ අතර, 2022 වසරේ වැඩි කාලයක් චීනය ගත කළේ කොවිඩ් වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දැඩි අගුලු දැමීම් සහ පීඩාකාරී සීමාවන් තුළ ය.

එහෙත්, වසර තුනක කොවිඩ් වසංගතයට එරෙහි දැඩි පාලනයන් හේතුවෙන් බලධාරීන් සමඟ පැවැති ජනතවගේ කලකිරීමේ බිම් මට්ටමෙන් වර්ධනය වූ අතර, උරුම්කි ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නකින් සිරවී සිටි නිවැසියන් ගණනාවක් මිය යාමෙන් පසු එම කලකිරීම වීදි විරෝධතා දක්වා උනුසුම් විය.

විරෝධතා හමුවේ වසර කිහිපයක් ක්‍රියාත්මක කල ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්ති එක රැයකින් අත්හැරීමට චීන රජයට සිදු විය.

මෙම ප්‍රතිපත්තිය සඳහා බොහෝ කාලය, සම්පත් සහ ප්‍රචාරණයක් ආයෝජනය කිරීමෙන් පසු, චීන රජය කෙතරම් ඉක්මනින් රෙගුලාසි ලිහිල් කළේද සහ චීනයේ ජනතාව තුළ කොවිඩ් -19 ව්‍යාප්තව ගිය ආකාරය පවා ව්‍යාකූල විය.

ඇත්ත වශයෙන්ම, රජය දත්ත ප්‍රකාශයට පත් කිරීම නැවැත්වූ බැවින් වෛරසය කෙතරම් දුරට පැතිරී ඇත්දැයි මේ වන විට කිසිවෙකු දන්නේ නැත.  කෙසේ වෙතත්, එක් දෙයක් පැහැදිලිය. චීනයේ තත්වය භයානක වන අතර දිනපතා දහස් ගණන් මරණ සිදුවෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here