Saturday, May 11, 2024

කුඩු ප්‍රවාහනය කළ පාකිස්තාන ඩ්‍රෝන යානයක් අල්ලයි

ඉන්දීය දේශසීමා ආරක්ෂක හමුදාව පසුගියදා පන්ජාබ් හි ගුර්දාස්පූර් ප්‍රදේශයේ අන්තර්ජාතික දේශසීමාව අසලදී හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සමඟ තවත් පාකිස්තාන ඩ්‍රෝන යානයක් සොයා ගෙන තිබෙනවා.

කිලෝමීටර් 3,323ක ඉන්දියා-පකිස්තාන දේශසීමාව ආරක්ෂා කිරීමේ වගකීම දරන ඉන්දීය දේශසීමා ආරක්ෂක හමුදාව පවසා ඇත්තේ, කැඩුණු ඩ්‍රෝන යානයක් අන්තර්ජාතික දේශසීමාවේ සිට කිලෝමීටර් දෙකක් දුරින් ගුර්දාස්පූර්හි දේශසීමා මුරපොලක් වන කොසොවාල්හි භට පිරිස් විසින් සොයා ගන්නා ලද බවයි.

මෙම ඩ්‍රෝන යානය පිළිබඳ තොරතුරු ප්‍රදේශයේ ගොවීන් විසින් හමුදා වෙත ලබා දී ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියා කරන මධ්‍යම සන්නද්ධ පොලිස් බලකාය සඳහන් කරයි.

2022 දී, ඉන්දීය දේශසීමා ආරක්ෂක හමුදාව විසින් පාකිස්ථාන ඩ්‍රෝන යානා 22ක් අල්ලාගෙන ඇති අතර, ඒවායින් ප්‍රවාහනය කළ හෙරොයින් කිලෝග්‍රෑම් 316.988 ක්, ආයුධ 67 ක් සහ සජීවී උණ්ඩ 850 ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව පාකිස්තාන සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු මරා දමා ඇති අතර, තවත් පාකිස්ථාන ජාතිකයන් 23 දෙනෙකු පන්ජාබ් දේශසීමාවේ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව වාර්තා සඳහන් කරයි.

මේ අතර පසුගිය වසරේ ජූලි 1 වැනිදා සිට දෙසැම්බර් 23 වැනිදා දක්වා කාලය තුළ සැකකටයුතු ඩ්‍රෝන යානා 206ක් නිරීක්ෂණය කළ බව ඉන්දීය ආරක්ෂක දත්තවල සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles