Saturday, April 20, 2024

යුක්රේන ගැටුම විසඳීමට ඉන්දියාවේ සහ ඔස්ට්‍රියාවේ සහාය

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් සහ ඔස්ට්‍රියානු විදේශ අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග් යුක්රේන ගැටුම සම්බන්ධයෙන් සාමකාමී විසඳුමක් නිර්මාණය කරගැනීම සඳහා දැඩි ලෙස සහාය දක්වන ප්‍රකාශ කර තිබේ.

ආචාර්ය ජයිශංකර්ගේ ඔස්ට්‍රියා සංචාරයේදී ඉන්දියාව සහ ඔස්ට්‍රියා වෘත්තීයවේදීන්ගේ දෙරට අතර හුවමාරුව පහසු කිරීම සහ නීති විරෝධී සංක්‍රමණ නැවැත්වීම අරමුණු කරගත් ප්‍රධාන ගිවිසුමක් ඇතුළුව ගිවිසුම් පහකට අත්සන් තැබූ බව වාර්තා සඳහන් කරයි.

වියානා හිදී ෂැලන්බර්ග් සමග ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ආචාර්ය ජයිශංකර් අවධාරණය කර ඇත්තේ මෙය “යුද්ධයේ යුගයක් නොවන” බැවින් යුක්රේන අර්බුදය පිළිබඳව ඉන්දියාව ගැඹුරු සැලකිල්ලක් දක්වන බවයි. 

ආහාර, ඉන්ධන සහ පොහොරවල මිල ඉහළ යෑම සම්බන්ධයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මත ඇතිවන බලපෑම එහිදී අවධාරණය කර ඇති ඉන්දීය විදේශ ඇමතිවරයා, G20 සභාපති ධූරය ලබාගැනීමත් සමග ඉන්දියාවට මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට වගකීමක් පවතින බවද පෙන්වාදී තිබේ.

කොවිඩ්-19 වසංගතයේ සහ යුරෝපයේ කුරිරු යුද්ධයේ බලපෑම් සමඟ ලෝකය පොරබදමින් සිටින විට ඔස්ට්‍රියාවට ඉන්දියාව වැනි මිත්‍ර රටවල් සහ මිතුරන් අවශ්‍ය බව මෙම මාධ්‍ය හමුවේදී ඔස්ට්‍රියානු විදේශ ඇමතිවරයා සඳහන් කර ඇත. ඉන්දීය විදේශ ඇමතිවරයාගේ ඔස්ට්‍රියානු සහ සයිප්‍රස සංචාරය දෙසැම්බර් 29 වන දින ආරම්භවී ජනවාරි 03වැනිදා අවසන් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles