චීනයේ දෛනික කොවිඩ් ආසාදිතයින් ඉහළට

0
346

ඊයේ දිනයේදී චීනයෙන් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 2,478 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් පුද්ගලයින් 770 දෙනෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර ආසාදිතයින් 1,708ක් රෝග ලක්ෂණ නොමැති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළා.

මේ වන විට චීනයේ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතින බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

මේ අතර ගතවු සිකුරාදා දිනයේදී චීනයෙන් කොවිඩ් ආසාදිතයින් 2,604 දෙනෙකු වාර්තා වී තිබුණා.

චීනයේ අගනුවර වන බීජිං හි ඊයේ දිනයේදී කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොතිබූ බව සඳහන්.

මේ අතර ගතවූ දින 14ක කාලය තුලදී චීනයේ, හයිනන් දූපතේ පිහිටි සංචාරකයින් වැඩි වශයෙන් කේන්ද්‍ර වන සන්යා නගරයේ පමණක් ආසාදිතයින් 4,711 දෙනෙකු වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here