Thursday, March 28, 2024

චීනය කොවිඩ් -19 සීමා කිරීම් ලිහිල් කිරීමත් සමඟ වෛරසය පැතිර යාමේ බියක්

චීනය සිය දැඩි ශුන්‍ය-කොවිඩ් පාලන සිමාවන් ලිහිල් කිරීමෙන් පසු බොහෝ චීන ජාතිකයින් දැඩි නිදහස වැළඳගෙන ඇති හෙයින්, බොහෝ දුරට පාලනය කර ඇති වෛරසය යළි බලගැන්වී‍මේ ඉඩක් ඇති බවට බලධාරීන් අනතුරු අගවා තිබේ.

වසංගතයට වසර තුනකට පසුත් දැඩි කොවිඩ් සීමාවන් ක්‍රියාත්මක කිරීම නිසා චීනයේ බොහෝ දෙනෙක් ලෝකයේ සෙසු රටවල් මෙන් රෝගය සමඟ ජීවත් වීමේ ක්‍රියාමාර්ග පිළිපැදිය යුතු බවට මැසිවිලි නැගුහ.

එම කලකිරීම් පසුගිය මාසයේ පුලුල්ව පැතිරුනු විරෝධතා දක්වා උග්‍ර වූ අතර, 2012 දී ජනාධිපති ෂී ජින්පින්ග් බලයට පත්වීමෙන් පසු මහජන අප්‍රසාදයේ විශාලතම විරෝධතා බවට පත්විය.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් පනවා තිබු නීති රටපුරා ලිහිල් කිරීමක් පෙන්නුම් කලේ එය විරෝධතාවලට ප්‍රතිචාරයක් බව සෟජුව සදහන් නොකරමිනි.

එම පියවරයන් තුළ සමහර නගර සහ කලාප තුළ කොවිඩ් -19 පාලන ප්‍රතිපත්ති ලිහිල් කිරීමට කටයුතු කෙරිණ.

සෞඛ්‍ය කොමිෂන් සභාව පැවසුවේ මෘදු රෝග ලක්ෂණ සහිත ආසාදිත පුද්ගලයින්ට දැන් නිවසේදී නිරෝධායනය කළ හැකි බවත් ඔවුන් රට පුරා සංචාරය කිරීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සඳහා කොවිඩ් පරීක්ෂණ සහ සෞඛ්‍ය තත්ව යෙදුම් හි අනිවාර්ය අවශ්‍යතාවය අතහැර දැමූ බවත්ය.

කොවිඩ් පාලන ක්‍රියාමාර්ග ලිහිල් කලද සමහර නගර නිවැසියන්ගෙන් බලධාරීන් ඉල්ලා සිටින්නේ විමසිලිමත් වන ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles