Friday, March 29, 2024

චීනයේ ප්‍රකෝටිපතියකු අතුරුදන්

චීන බිලියනපතියකු සහ චයිනා රිනයිසන්ස් හෝල්ඩිංග්ස්හි නිර්මාතෘ බාඕ ෆෑන් පසුගිය සතියේ සිට අතුරුදහන් වී ඇත.

ඒ සමගම චීන කොටස් වෙළඳපොලෙහි කොටස් පහත වැටෙමින් පවතින බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

චයිනීස් රිනයිසන්ස් හෝල්ඩිංග්ස්, හොංකොං කොටස් වෙළෙඳපොළ වෙත කියා සිටියේ ඔවුන්ට  බාඕ සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇති බවයි.

බාඕ ඔහුගේ කාර්යාලයේ දක්නට නොලැබුණු බවත් දින කිහිපයක් තිස්සේ ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇති බවත් චීනය පදනම් කරගත් මූල්‍ය ප්‍රවෘත්ති ආයතනයක් වන කයික්සින් උපුටා දක්වමින් අල් ජසීරා වාර්තා කර ඇත.

චයිනීස් රිනයිසන්ස් 2018 සිට හොංකොං කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති අතර උපදේශන සේවා සැපයීමට අමතරව විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදක වැනි ඉහළ මට්ටමේ චීන නිපැයුම් සඳහා ආයෝජනය කර තිබේ.

බාඕ ගේ අතුරුදහන් වීම රිනයිසන්ස් හි කොටස් පහත වැටීමට හේතු වී ඇත. පසුගිය සිකුරාදා එහි පහළම ස්ථානයේ දී, රිනයිසන්ස් හි කොටස් සියයට 50 කින් පහත වැටී ඇති බවයි වාර්තාවන්නේ.

මීට පෙර, අලිබබා හි නිර්මාතෘ ජැක් මා, 2021 අගභාගයේදී ප්‍රසිද්ධියේ චීනයේ මූල්‍ය නියාමකයින් පිළිබඳව විවේචනාත්මක අදහස් දැක්වීමෙන් පසු වසරක් අතුරුදහන්ව සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles