පහත වැටෙන ශ්‍රම බලකාය හේතුවෙන් චීනයට ආර්ථික ගැටලු රැසක්

0
446

පහත වැටෙන ශ්‍රම බලකාය හේතුවෙන් චීනයට ආර්ථික ගැටලු රැසකට මුහුණ දීම‍ට සිදුවනු ඇති බව එරට මහජන බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකයෙකු වන චායි ෆෑන් පවසයි.

මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කර ඇත්තේ, චීනයේ පහත වැටෙන ශ්‍රම බලකාය ආර්ථිකයේ සැපයුමට බාධා ඇති කර ඉල්ලුමට නව සීමාවන් පනවනු ඇති බවයි.

ඉල්ලුම සහ සැපයුම අතර එවන් නොගැලපීමක් ඇතිවීම ආර්ථික වර්ධනයට බාධාවක් වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

චීනයේ ජනගහනය මේ වසරේ දී උපරිම මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතරමේ වන විට උපත් දත්ත අනාවරණය කර ඇති පළාත් 16 න් හතක් 2021 දී සෘණ ජනගහන වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

මින් ඇතිවන වෙනස්කම්වලට මුහුණ දීම සඳහා ගෘහස්ථ ආදායම් වර්ධනයට සහාය වීම සඳහා රජය පියවර ගත යුතු බව චීනයේ ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි.

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, 2021 දී චීනයේ උපන් බිළිඳුන්ගේ සංඛ්‍යාව මිලියන 10.62 ක් වූ අතර එය 2020 දී මිලියන 12 ක් වූ සංඛ්‍යාවට වඩා අඩු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here