Friday, April 26, 2024

චීන නිලධාරීන්ට ඇමරිකාව තහනම්

වාර්ගික සහ ආගමික සුළුතරයන් මර්දනය කිරීමට දායක වන බවට චෝදනා එල්ලවන චීන නිලධාරීන්ට එරෙහිව පවතින , එක්සත් ජනපද සංචාරක තහනම පුළුල් කිරීමට බයිඩ්න් පරිපාලනය තීරණය කර තිබේ.

චීනයේ සහ වෙනත් රටවල භාෂණයේ සහ ආගමික නිදහසට එරෙහි මර්දනයට සම්බන්ධ වූ පුද්ගලයන් හට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

මෙම පුළුල් කරන ලද තහනමට කුමන නිලධාරීන් යටතේ වන්නේ ද යන්න හෝ කොපමණ සංඛ්‍යාවකට එමගින් බලපෑම් එල්ල වේදැයි යන්න ද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පුද්ගලයන් මර්දනය කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති හෝ ක්‍රියාවන්ට වගකිව යුතු හෝ ඊට සම්බන්ධ යැයි විශ්වාස කරන චීන නිලධාරීන්ට සම්බාධක යොදන බවයි.

මේ අතර, එක්සත් ජනපදයේ රැදී සිටින චීන විරුද්ධවාදීන්ට හිරිහැර කිරීම වෙනුවෙන් චෝදනා ලැබූ පුද්ගලයන් පස් දෙනෙකුට එරෙහිව ඇමරිකාව චෝදනා ප්‍රකාශයට පත් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles