Friday, April 26, 2024

අද (30) සහ හෙට ඩීසල් ලබාගන්නට පෝලිම් වල ඉන්න එපා!

අද සහ හෙට එනම් 30 සහ 31 යන දිනවල ඩීසල් ලබාගෑනීමේ අරමුණින් පෝලිම්වල හෝ වාහන නවතා නොතබන මෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දන්වා තිබෙනවා.

එසේ පවසා ඇත්තේ, මේ වන විට ඩීසල් තොග කිසිවක් නොපැවතීමත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවේ ඉන්ධන සැලසුම් කළ පරිදි අද ගොඩබෑමට නොහැකි වීමත් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසනවා.

එබැවින් මාර්තු 30 සහ 31 යන දිනවල ඩීසල් ලබා ගැනීම සඳහා පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් අඛණ්ඩව ඩීසල් සපයන බවත් පෙට්‍රල් කිසිදු හිඟයකින් තොරව බෙදා හැරීම සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles