Tuesday, April 23, 2024

චීන ගුවන් හමුදාපතිවරයෙකුට මරණ දඬුවම

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් අත්අඩංගුවට ගනු ලැබූ චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) ගුවන් හමුදාපතිවරයෙකුට මරණ දඬුවම හිමි ව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂය පිළිබඳ වාර්තා කිරීම සඳහා ප්‍රසිද්ධ හොංකොං පුවත්පතක් වන Ming Pao හි වාර්තාවක දැක්වෙන්නේ, තායිවානය වටා චීනයේ මිලිටරි සටන්කාමී ප්‍රතිපත්තිය පිළිබඳව ගුවන් හමුදාපති ජෙනරාල් ලියු යාෂෝ අතීතයේ දී එකඟ නොවීම් ප්‍රකාශ කර ඇති බවයි.
මීට පෙර, 2022 පෙබරවාරි මාසයේදී, එක්සත් ජනපදයේ වෙසෙන ලේඛක Bi Ruxie, ෂී ට විරුද්ධ වීම මත ලියුට බරපතල දඬුවමක් ලබා දිය හැකි බව පැවසීය.
පක්ෂ අභ්‍යන්තරයේ තොරතුරුවලට අනුව, විනාඩි 40ක රහස් කතාවකදී ෂි ජිංපින් විසින් ලියු යාෂෝ විවේචනයට ලක් කර ඇත.
නායකත්ව අභිලාෂයන් සපුරාලීම සඳහා ඔහු සීසීපීය තුළ කල්ලිවාදයට නායකත්වය දුන් බව ෂී චෝදනා කර ඇතැයි Bi Ruxie පැවසීය.
ලියු අත්අඩංගුවට ගත් බව වාර්තා වූයේ ‍2021 දෙසැම්බර් මාසයේ දී වන අතර ඔහුට මරණ දඬුවම නියම කර ඇතැයි නවතම වාර්තාවල දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles